ලතින් අමෙරිකානු ජනප්‍රිය ගායක Enrique Iglesias ගේ කොළඹ පැවැති 'Sex and Love' සංගීත ප්‍රසංගය සඳහා 'Live Events' සමාගම මගින් ඔහුට ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් (US) $600,000 බවට තොරතුරු වාර්තා වෙනවා.
කොළඹ නගර සභාවේ භාණ්ඩාගාරික කේ.ඩී චිත්රපාල මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පුවත් පතක් වාර්තා කර ඇත්තේ අනන්‍යතාව තහවුරු කළ නොහැකි දත්ත වාර්තා මගින් මෙම ගාස්තුව ගායකයා අය කර ඇති බව කේ.ඩී චිත්රපාල මහතා ප්‍රකාශ කරන බවයි.
එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 8 ක් (86,238,000) ක ගෙවීමක් වනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කීර්තිමත් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් 'Live Events' සමාගම ඇරඹි අතර Enrique Iglesias ගේ කොළඹ පැවැති 'Sex and Love' සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් මෙම සමාගමට දැඩි චෝදනා කිහිපයක්ද එල්ල වුණා.
ඒ අතර ප්‍රබල චෝදනාවක් වන්නේ අදාළ ප්‍රසංගය සංවිධානය කිරීම තුළින් කොළඹ නගර සභාවට සිදුව ඇතැයි කියන බදු වංචාව සම්බන්ධයෙනි.
Monday, January 11, 2016
Enrique Iglesias ව ලංකාවට ගේන්න ගෙව්ව ගාණ මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment