ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු පොලිසියට කැඳවනු ලැබුවේ ඔවුන්ට එරෙහි පරීක්ෂණයක් සම්බන්ධයෙන් නොවන බව බලධාරීහු පවසති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිකුරාදා කටඋත්තර සටහන් කරගෙන තිබුණි.
පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබා දෙන මෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ටද දැනුම් දී තිබේ. කෙසේ නමුත් කණ්ඩායමේ කිසිදු ක්රීඩකයකුට එරෙහිව පොලිස් පරීක්ෂණයක් නොපැවැත්වෙන බව, මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.
බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතරවාරයේ, තරඟ පාවාදීමට දැරුණු උත්සාහයක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පොලිසියට පැමිණිලි කර තිබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සංචිතයේ සාමාජිකයන් කිහිපදෙනකු පිළිබඳව අමාත්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් වන බව, මාධ්‍ය වාර්තාවල දැක්වේ. ක්‍රීඩකයන් තිදෙනාගෙන් කටඋත්තර සටහන් කරගනු ලබන්නේ එම පැමිණිල්ල පිළිබඳව බව පවසන පොලිස් ප්‍රකාශකයා, ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ වී නැති බව අවධාරණය කළේය.
(බිබිසි සංදේශය)
Saturday, January 16, 2016
ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව පරීක්ෂණයක් නෑ
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment