ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳ කර්මාන්තය සඳහා ප්‍රමුඛතම වෘත්තීයමය සේවා සපයන ආයතනයක් වන JLL ලංකා විසින් කර ඇති මෙම සමීක්ෂණ වාර්තාවට අනුව කොළඹ නගරයේ හෝටල් 4 ක්ද, දකුණු වෙරළ තීරයේ හෝටල් 8 ක්ද, උතුරු නැගෙනහිර කලාපයේ හෝටල් 2 ක්ද විවෘත වීමට නියමිතය.
කොළඹ නගරයේ දී මෙම වසර තුළ දී විවෘත වීමට නියමිත හෝටල් වනුයේ ෆෙයාර් වේ හෝල්ඩිංග්ස් විසින් කොළඹ නගර මධ්‍යයේ ඉදිකරනු ලබන Zmax Fairway, ජෙට්වින්ග් හොටේල්ස් විසින් ඩෝර්ඩ් පෙදෙසෙහි ඉදිකරනු ලබන Jetwing , ප්‍රීමියර් පැසිෆික් විසින් ගාලු පාරේ ඉදිකරනු ලබන Sheraton සහ දම්රෝ විසින් කොළඹ කොල්ලුපිටියේ ඉදිකරනු ලබන Marina Sands ය.
මීට අමතරව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් විසින් කොල්ලුපිටිය නගර මධ්‍යයේ ඉදිකරනු ලබන Moevenpick හා සිනෝලංකා හෝටේල්ස් විසින් කොළඹ ඉදිකරනු ලබන Grand Hyatt යන හෝටල් ද්විත්වය 2017 වසරේ දී විවෘත වීමට නියමිත බව මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දේ. Grand Hyatt හෝටලය කාමර 559 කින් සමන්විත ඉතා ඉහළ මිලගණන්වලින් (Upper upscale) යුත් හෝටල් පරිශ්‍රයකි.
මේ අතර දැනට ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින ජෝන් කීල්ස් සමූහයේ සිනමන් ලයිෆ් හෝටල් ව්‍යාපෘතිය 2019 වසරේ දී විවෘත වනු ඇත. එය කාමර 800 කින් යුතු දැවැන්ත මිශ්‍ර ව්‍යාපෘතියකි. මීට අමතරව ගාලුමුවදොර ඉදිකෙරෙනා කාමර 550 කින් යුත් ෂැංග්‍රිලා හොටල් ව්‍යාපෘතිය ද 2019 වසරේ දී එළිදැක්වීමට නියමිතය.
කොළඹ නගරය තුළ දැනට ඉදිවෙමින් පවත්නා හෝටල් පිළිබඳ සටහනක් පහත දැක්වේ.
එයිට්කන් ස්පෙන්ස් විසින් අහුන්ගල්ලේ ඉදිකරනු ලබන Riu හෝටලය 2016 වසරේ දී දකුණු පළාතේ විවෘත වීමට නියමිත විශාලතම හෝටල් ව්‍යාපෘතියයි. එය කාමර 501 කින් යුක්තය. මේ අතර මෙම වසරේ දී දකුණු හා බටහිර වෙරෙළ තීරයේ දී විවෘත වීමට නියමිත හෝටල් පහත පරිදි දැක්විය හැකිය.
මූලාශ්‍ර – JLL ලංකා
No comments:
Post a Comment