2016 වසරේ මුල් භාගය තුළදී බොලිවුඩයේ ජනප්‍රිය නිළියකගේ විවාහය සිදුවනු ඇතැයි ආරංචි පැතිරී ගියේ පසුගිය වසරේ අග භාගයේදීයි. මේ සුරූපී නිළිය තමයි, ප්‍රීටි සින්ටා.
ඇගේ අත ගන්නේ ජීන් ගුඩ්ඉනෆ් නම්වූ මූල්‍ය විශ්ලේෂකයා බවයි ඒ ආරංචිවල සටහන් වුණේ. ඒත් පසුගිය සතියේ ප්‍රීටි කියා සිටියේ තමන්ගේ විවාහ මංගල්‍යයක් නොපැවැත්වෙන බවයි. මෙහි ඇත්ත නැත්ත කුමක්දැයි ළඟදීම හෙළි වේවි.
කොහොම වෙතත් යළිත් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට නම් ප්‍රීටි තුළ දැඩි වුවමනාවක් තිබෙන හැඩයි. ඇය අවසන් වතාවට රඟපෑවේ 2014 දී තිරගත වූ ‘හැපි එන්ඩින්’ චිත්‍රපටයේයි. එතැනින් පසුව ඇගේ රඟපෑම් අපට දැකගන්න ලැබුණේ නැහැ.
මේ දිනවල ප්‍රීටි රැඳී සිටින්නේ ඇමෙරිකාවේ චිකාගෝ නුවරයි. ඇගේ සමීපතමයින් පවසන්නේ ඇය චිකාගෝ නුවර නැවතී චිත්‍රපට තිර නාටක කිහිපයක් නිවී හැනහිල්ලේ කියවමින් සිටිනවා කියලයි. මේ තිර රචනා අතරින් කිහිපයක රඟපාන්නටත් තවත් තිර නාටකයක් හෝ දෙකක් ඇසුරින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නටත් ඇය තුළ උනන්දුවක් තිබෙනවාලු.
Thursday, January 14, 2016
පි‍්‍රති සින්තාව කසාද බදින්නත් විවෘත පුද්ගලයෙක් නැහැ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment