නවසීලන්තයට පැරදුන ලංකාවට එකත් නැති වෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

නවසීලන්තයට පැරදුන ලංකාවට එකත් නැති වෙයි !

ඊයේ (10) දින නවසීලන්තයට එරෙහිව ලද පරාජයත් සමග  ශ්‍රී ලංකාවට පන්දුවාර විස්සයි විස්ස තරග ශ්‍රේණිගතකිරීම් වල පළමු ස්ථානය අහිමි වී තිබේ.

මේ වන විට පන්දුවාර විස්සයි විස්ස තරග ශ්‍රේණිගතකිරීම් වල පළමු ස්ථානයට පත්ව සිටින්නේ ලකුණු 118.36ක් ලබා සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලයි.

ශ්‍රී ලංකාව සමග ලකුණු 118ක් ලබා ගෙන ඕස්ට්‍රේලියානු පිල දෙවැනි ස්ථානය සඳහා කරට කර සිටියි. වසර 2014 පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමෙන් පසුව පන්දුවාර විස්සයි විස්ස තරග ශ්‍රේණිගතකිරීම් වල පළමු ස්ථානය හිමි ව තිබුනේ ශ්‍රී ලංකාවටයි.


No comments:

Post a Comment

Post Bottom Ad