'භික්ෂූන්ට නීති දැම්මොත් පාර්ලිමේන්තුව වටලනවා' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 15, 2016

'භික්ෂූන්ට නීති දැම්මොත් පාර්ලිමේන්තුව වටලනවා'

සංඝ කථිකාවතක් පැවැත්වීමට පෙර මහා සංඝරත්නයේ අනුමැතිය ලබා ගත යුතු බවත් ගිහියන් විසින් සංඝයා වහන්සේලාට සම්මුති පැනවිම යෝග්‍ය නොවන බවත් මහනායක ස්වාමීන් වහන්සේලාගේ ලිඛිත අනුමැතියකින් තොරව මහා සංඝරත්නයට නීති රීති පනවා ඊට අදාල පනත් සම්මත කළහොත් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ගිහි ජනතාව සහභාගි කරවාගෙන  පාර්ලිමේන්තුව වටලා දැඩි විරෝධයක් දක්වන බවත් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඊයේ (14) මහනුවර දීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් බුදු දහම ආරක්ෂා කර එය පෝෂණය කළ යුතුය යන වගන්තිය තවදුරටත් සුරක්ෂිත විය යුතු බවත් සිංහල ජාතිය, බුදු දහම විනාශ කරන කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නය කිසිවිටකත් අනුමැතිය නොදෙන බවත් නාලක හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad