සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් උදෙසා ජඩෙල් නම් සමයට තැන්පත් කරනු ලබන ( implants) උපත් පාලන ක්‍රමය වෙළඳපොල මිලෙන් අඩකට ලබාදීමට බේයර් සමාගම තීරණය කර තිබෙනවා.
implants මිල අධික නිසා ගිලින පෙති සහ උපත්පාලන කොපු තරම් ජනතාව අතර ප්‍රචලිත නොවුවද මිල ගණන් පහළ යාමත් සමග ඒ සඳහා නැඹුරු වීම වැඩි විය හැකි බවයි විචාරකයින් පෙන්වා දෙන්නෙ. implants යනු කාන්තාවන්ගේ අතෙහි උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරන හෝර්මෝන අඩංගු කුඩා කරල් 2ක්.
මේ මඟින් අවුරුදු 5 කට ගැබ්ගැනීම වලක්වා ආරක්ෂාව ලබා දෙනවා. මෙය ඉවත් කළ පසු නැවත ගැබ් ගැනීමේ හැකියාව ලබාගත හැකියි. මෙම උපත් පාලන කූරු වල ඇති ප්‍රොජෙස්ටෙරොන් (Progesterone) හෝමෝනය සුළු ප්‍රමාණයෙන් ශරීරට කාන්දු වීම මගින් ඩිම්බ මෝචනය වැළක්වනවා. ඒ වගේම ශුක්‍රාණුවලට ගමන් කිරීමට නුසුදුසු ලෙසට ගැබ්ගෙල සකස්වීමද සිදුකරනවා.
ජඩෙල් මගින් 99.9% ක් පමණ ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ වගේම ගර්භාෂයේ සහ ඩිම්බ කෝෂ වල ඇති වෙන පිළිකා තත්වයන් ඇති වීමේ අවදානම ද යම් තරමකට පාලනය කෙරෙන බවයි වෛද්‍යවරු පවසන්නේ. අවුරුදු පහක් සඳහා ක්‍රියාත්මක වීමත් ගිලින පෙති මෙන් දිනපතා ගන්නට සිදු නොවීමත් ජඩෙල් වල ඇති වාසිවනවා.
මේ උපත් පාලන ක්‍රය භාවිත කිරීමේදී ඔසප් වීම අක්‍රමවත් වීම හා නැවතීමද සිදු විය හැකියි. මේ මගින් ආහාර රුචිය වර්ධනය කරන නිසා ශරීරය තරබාරු වීම ද සිදු සිදුවන්න පුළුවන්. කොන්ඩම්, ගිලින පෙති තරම් මේ ක්‍රමය ජනප්‍රිය නොවෙන්න හේතුව තමයි මේ සඳහා එකවර වැඩි මුදලක් ගෙවන්න වීම.
නමුත් බේයර් සමාගම කරන ලද මිල පහළ දැමීමත් සමග ඒ මුදල අඩකින්ම අඩු වෙනවා. මෙය දැනට වෙළෙඳපොලේ රුපියල් 6000ක පමණ මිලෙන් යුක්තයි. ඊට අමතරව තැන්පත් කිරීම සඳහාද රුපියල් 2000ක් පමණ වැය වනව. මෙය තැන්පත් කිරීම නිසා අතෙහි කිසියම් වේදනාවක් හට ගැන්නා බවට ඇති මතය සත්‍යයෙන් තොර බවයි පැවසෙන්නේ.
Thursday, January 14, 2016
පෙති සහ කොපු උපත් පාලනයෙන් ගැලවෙයිද?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment