මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 20, 2015

මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා

ඉදිරි මහ මැතිවරණයට තමන් අනිවාර්යයෙන් තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ සඳහා මහනුවර දිස්ත්‍රික්කයම තෝරා ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ. 

අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන් අද බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියා. කෙසේවෙතත් තමන් තරග කරන්නේ කුමන පක්ෂයකින් දැයි මෙතෙක් කිව නොහැකි බවද ඔහු පැවසුවා.

 කුමන දේශපාලන අදහසක් දැරුවත් මම දන්නවා නුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සහයෝගය හොඳට ගන්න පුළුවන් දේශපාලන නායකයෙක් ලෙස මම ඊළ`ග මැතිවරණයට ඉදිරිපත් වනවා පැහැදිළි ලෙස.

ඒ ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ද?

දැනට එහෙම පැහැදිළි තීන්දුවක් නැහැ. දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය මා කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමක්ද කියලා මං බලාගෙන ඉන්නවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ බොහෝ දෙනෙක් මට කතා කරනවා. 

එසේම සාමාන්‍ය අය, අපේ වෘත්තීය සමිති අය, අපේ නිලධාරීන් මා එක්ක නොයෙක් අදහස් උදහස් හුවමාරු වෙනවා. ඉතින් කොහොම වුණත් මම ඒ දේශපාලන තීන්දුව ගන්නේ මේ දිනවල පවතින දේශපාලන තත්ත්වයත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරයත් බලලා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සමග යම්කිසි අමනාපයක් වෛරයක් තිබෙනවාද?

කිසිම අමනාපයක් නෑ.

තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරීම නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීරණය කළා. කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් වශයෙන් තීරණය ගන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී ඉකුත් දා කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad