අලූත් ආණ්ඩුවට කරන්න කිසිම සංවර්ධන වැඩක් තම ආණ්ඩුව ඉතුරු කලේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ කියා සිටියේ තිස්සමහාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනක් අවසානයේ පැමිණි සිටි ජනතාව අමතමිනි.
හිටපු ජනාධිපතිවරයා එහිදී මෙසේද කියා සිටියේය.
‘අපේ පාලන කාලය තුල මේ රටේ යෝධ සංවර්ධන ව්‍යාපෘති ඇති කලා. එදා ගමේ නොතිබූ සංවර්ධනය අපි ඇති කලා. ගමට නගරයේ පහසුකම් ලබා දුන්නා. ජනතාවට අවශ්‍ය සෑම පහසුකමක්ම ඇති කලා.
සමහරුන් මට චෝදනා කරනවා මගේ ඥාතීන්ට සැලකුව කියල. ඒත් මේ රටේ ජීවත්වන හැමදෙනාම මගේ නෑදැයො. මං එහෙමයි වැඩ කරල තියෙන්නෙ.
මේ ආණ්ඩුවට අලූතෙන් කරන්න සංවර්ධන වැඩක් ඉතුරු කරලා නෑ. ඔවුන්ට කරන්න ඇත්තේ අපි ආරම්භ කල වැඩ ඔවුන්ගේ නම්වලින් විවෘත කිරීම පමණයි.
අපි ආරම්භ කල කිසිම සංවර්ධන වැඩක් නවතන්න කිසිවෙකුට බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි වැඩ ප්‍රමාද කරන එක. එහෙම කරනවා නම් ඒක රටටත් ජනතාවටත් කරන ජාතික අපරාධයක්’
Saturday, May 30, 2015
Home
දේශපාලන පුවත්
මේ ආණ්ඩුවට කරන්න කිසිම සංවර්ධන වැඩක් නෑ.. ඔවුන්ට ඇත්තේ අප කල වැඩ ඔවුන්ගේ නම්වලින් විවෘත කිරීම පමණයි..
මේ ආණ්ඩුවට කරන්න කිසිම සංවර්ධන වැඩක් නෑ.. ඔවුන්ට ඇත්තේ අප කල වැඩ ඔවුන්ගේ නම්වලින් විවෘත කිරීම පමණයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment