ශ්‍රීලනිප ඇමැති පිරිසක්‌ අද ඉල්ලා අස්වෙයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 21, 2015

ශ්‍රීලනිප ඇමැති පිරිසක්‌ අද ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරමින් පත්වූ ඇමැතිවරුන් පිරිසක්‌ අද (21) විශේෂ ප්‍රකාශයක්‌ සිදුකර සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට නියමිතය. 

පක්‌ෂයේ දැඩි විරෝධය නොතකා විසුරුවා හැරි පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට මෙතෙක්‌ නාමයෝජනා පත්‍ර කැඳවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ඉල්ලා අස්‌වීම සිදුකරන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

කැබිනට්‌ ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 10දෙනකුට ආසන්න ප්‍රමාණයක්‌ මෙලෙස තනතුරු අත් හැරීමට සූදානමින් සිටින බවද වාර්තාවේ.

අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, සී.බී. රත්නායක සහ යන මහත්වරුන් හා රාජ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ද අද දිනයේදී ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

අද පෙරවරුවේ කොළඹ පිහිටි විපක්‌ෂ නායක කාර්යාලයේදී මොවුන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ සිදු කිරීමට නියමිතය.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad