එළැඹෙන ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකළහොත් ඊට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජාතික හෙළ උරුමය පවසයි.
මහරගමදී පැවති ජාතික හෙළ උරුමයේ 11 වැනි සංවත්සරය අමතමින් එම පක්ෂ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා ලවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර ගැනීමට උත්සහ දරන බවද කී ඒ මහතා මෙරට ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් පෙන්වා දුනනේය.
එම පක්ෂ සභාපති හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියන් සඳහන් කලේ ජනාධිපතිවරණයේදී හෙළ උරුමයේ සහාය දෙනුයේ කාටදැයි මධ්‍යම කාරක සභාව තීරණයක් ගන්නා බවයි.
හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමළූව අමතමින් කියා සිටියේ මීළඟ ජනාධිපතිවරණයේදී රජුන් තනන්නේ මහසඟරුවන ප්රමුඛ ජාතික බලවේග බවයි.
Monday, October 20, 2014
මහින්ද පරදන පොදු අපේක්ෂකයෙක් හෙළ උරුමයෙන්.. [Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment