මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය කඩා වැටීමේ සිදුවීම පිළිබඳ කරුණු විමසන පර්යේෂණ කණ්ඩායම් හා යුක්රේන ආරක්‍ෂක අමාත්‍යාංශය අතර රහසේ තොරතුරු හුවමාරු වන බව අනාවරණය වී තිබේ.
සයිබර්බෙර්කුට් නම් යුක්රේන හැකරුන් පිරිසක් විසින් මේ බව හෙළි කර ඇත. තමන් යුක්රේන ආරක්‍ෂක අමාත්‍යාංශයේ අභ්‍යන්තර ජාලයට ඇතුළු වීමට සමත්වූ බව සයිබර්බෙර්කුට් පවසා තිබේ.
අගෝස්තු 7වනදා එම ජාලයෙන් බාගත කළ වාර්තාවක් සයිබර්බෙර්කුට් වෙබ් අඩවියේ පළ කර ඇති අතර එය යුක්රේන ගුවන් ආරක්‍ෂණ හමුදා ප‍්‍රධානි කර්නල් ඉගෝර් සෝරින් විසින් අත්සන් තබා ඇත.
එහි දැක්වෙන්නේ යානයේ සුන්බුන් අතරින් සොයාගත් එක් කොටසක් 9M38 ගුවන් යානා නාශක මිසයිලයේ කැබැල්ලක් බවට සැක කරන බවයි.
එම වාර්තාව තුළ අදාළ කැබැල්ලේ ඡයාරූප දක්වා ඇති අතර එය විමර්ශනය කිරීමෙන් පසු අවසන් නිගමනයට එළඹිය හැකි බවද එහි දක්වා තිබේ.
මෙම ගුවන් යානා නාශක මිසයිල Buk හෝ BukM1 ජංගමශීලී ගුවන් ආරක්‍ෂණ පද්ධතීන් විසින් භාවිතා කරන බව පැවසේ. සෝවියට් දේශය විසින් නිෂ්පාදනය කරන ලද මෙම පද්ධති මේ වන විට රුසියාව විසින් භාවිතා නොකරන අතර 1991දී යුක්රේනය නිදහස ලැබීමෙන් පසු නිපදවුනු BukM1-2 හා BukM2 රුසියාව තුළ භාවිතා කෙරේ.
ගුවන් යානා අනතුර යානයට පිටත සිට බලපෑ අධි බල වස්තූන් රාශියකින් සිදුවූ ව්‍යූහාත්මක හානි නිසා සිදුවූ බව නෙදර්ලන්ත ආරක්‍ෂණ මණ්ඩලය විසින් පවසා තිබේ.
Thursday, October 16, 2014
යුක්රේන රජයට MH17 පර්යේෂකයන්ගෙන් රහස් තොරතුරු
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment