ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයි හිටපු අගවිනිසුරු ජනපතිට අභියෝග කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 16, 2014

ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයි හිටපු අගවිනිසුරු ජනපතිට අභියෝග කරයි

තුන්වන වර ජනාධිපතිවරණයකට ඉදිරිපත් මවී ගැන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙෂ හිටපු අගවිනිසුරැ සරත් නන්ද සිල්වා මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරයි.

මහනුවරදී පැවති රැස්වීමකදී අදහස් පල කරමින් ඔහු කියා ඇත්තේතමන් කිසිම අවස්ථාවක බිය නොවන බවත්, තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා කුමන මාර්ගයකින් හෝ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට අති දක්ෂයෙක් බවත්ය.

‘මොනවා හරි ගුණ්ඩුවක් ගහලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණය දිනා ගනීවි කියල ජනතාව කියනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එතුමාගේ ධූර කාලය අවසන් වීමට පෙර ව්‍යවස්ථාව වෙනස් කරල මැතිවරණය පවත්වල දෙවෙනි වර ජනාධිපති වුණා.

ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් එදා කළේ හොරකමක්. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉගෙන ගත්තෙත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගෙන්. ඒකාධිපති පාලකයෝ කුණු කූඩෙට යැවීමට ජනතාව පියවර ගත යුතුයි’ යයිද ඒ මහති එහිදී කීය.

No comments:

Post a Comment

Post Bottom Ad