මාතලේ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කිහිපයක එජනිස මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
තමන් නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට යළි එක්වන බව මාතලේ නාගරික මන්ත්‍රී රොෂාන් ද සිල්වා මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සමග සාකච්ඡ කර එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට පැමිණි බව පැවසූ ඒ මහතා බලාපොරොත්තු වූ අන්දමට සන්ධාන ආණ්ඩුවෙන් පලක් නොමැති බවත්,එම සන්ධානයේ ඇතැම් අයගේ කෙනෙහිලිකම් නිසා යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවත් පැවසීය.
මාතලේ,දඹුල්ල,පල්ලේපොල,රත්තොට,නාඋල යන ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට එක්වූ මන්ත්‍රීවරුන් පිරිසක්ද යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවද ආරංචි මාර්ග සදහන් කරයි.
Sunday, October 19, 2014
මාතලේ සන්ධාන මන්ත්‍රී රංවුවක් එජාපයට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment