පලස්තීන සටන්කාමීන්ගේ ආරක්‍ෂක හැකියාව වර්ධනය කළ යුතුයි – ඉරානය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 19, 2014

පලස්තීන සටන්කාමීන්ගේ ආරක්‍ෂක හැකියාව වර්ධනය කළ යුතුයි – ඉරානය

පලස්තීනයේ නිදහස වෙනුවෙන් සටන් වදින සටන්කාමීන්ගේ ආරක්‍ෂක හැකියාව වර්ධනය කිරීම සඳහා පියවර ගත යුතු බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා සයිඞ් අල් කාමේනි පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ ඊශ‍්‍රායලයේ නව ප‍්‍රහාරයක් වෙනුවෙන් සටන්කාමීන්ගේ සූදානම් සහගත බව දිනෙන් දින වර්ධනය කිරීමත් ගාසා තීරය තුළ ශක්තිය වැඩිකරගැනීමත් සිදුකළ යුතු බවයි.

ඉස්ලාමික ජිහාඩයේ මහලේකම් රාමදාන් අබ්දුල්ලා හමුවූ අවස්ථාවේදී කාමේනි මේ බව පවසා ඇත.

දින 50ක යුද්ධයට මුහුණදිය හැකිවීම අනාගතයේ ඉහළ ජයග‍්‍රහණයන් හට මග පෙන්විය හැකි දිව්‍යමය බලාපොරොත්තුවක් බව කාමේනිගේ අදහසයි. එමෙන්ම පෙනෙන වර්ධනයන් සුභදායක බවද ඔහු පලස්තීන ජනතාව අමතමින් පවසා තිබේ.

බටහිර ඉවුරේ පලස්තීනුවන් වෙත සටන්කාමීන් හා එක්වන ලෙස බලකරමින් ඔහු පවසා ඇත්තේ ඊශ‍්‍රායලයට එරෙහි සටන දෛවයේ එන යුද්ධයක් බවයි.

ගාසා තීරයේ සතුරා වෙත අත්කරදුන් වික්‍ෂිප්ත බවම බටහිර ඉවුරේදීත් ගෙන ඒමට සූදානම් විය යුතු බව අයතුල්ලා කාමේනි පවසා ඇත.

මේ අතර ඉස්ලාමික ජිහාඩය ඇතුළු වෙනත් සටන් කණ්ඩායම් ගණනාවක සුභ පැතුම් ඉස්ලාමික ජනරජයේ උත්තරීතර නායකතුමන්ට ඉදිරිපත් කළ අබ්දුල්ලා පවසා ඇත්තේ ගාසා තීරයේ ජයග‍්‍රහණය සඳහා ඉරානය ලබාදුන් සහය තීරණාත්මක වූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad