ගංජා පෝච්චියක් ගෙදරටම ගෙනැවිත් දෙන ස්මාට්ෆෝන් මෘදුකාංගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
මෙඩොව් ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ගූගල් ප්ලේ වෙබ් අඩවිය හරහා ඇන්ඩ්‍රොයිඞ් දුරකථන වලින් ලබාගත හැක.
එහි නිමැවුම්කරු ඬේවිඞ් හුවා පවසන්නේ මේ හරහා සැන් ෆ‍්‍රැන්සිස්කෝ බොක්ක ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වෙත නීත්‍යානුකූල ලෙස ක‍්‍රියාත්මක වන ඖෂධහල් වලින් ඖෂධීය මරිජුවානා නිවසට ගෙනවිත් දෙන බවයි.
ඒ සඳහා කළ යුත්තේ තම කැලිෆෝනියා හැඳුනුම්පත සහ ඖෂධීය ගංජා ලබාගැනීම සඳහා වෛද්‍යවරයෙකු විසින් නිකුත් කළ බෙහෙත් තුණ්ඩුව මෙඩොව් මෘදුකාංගය තුළට එක් කිරීමයි.
පාරිභෝගිකයාගේ ඉල්ලීම අනුමත කරන ලද නම් විවිධ බෙට්සි, බ්ලූබෙරි කුෂ් ආදී විවිධ නම් සඳහන් ගංජා බඳුන් වල ඉහළ තත්වයේ ඡයාරූප මෘදුකාංගය වෙතින් ලබාදෙන අතර තමන්ට අවශ්‍ය බඳුන තේරීමෙන් පසු පැයක කාලයක් ඇතුළත එය නිවසට පැමිණෙන බව පැවසේ.
හුවා පවසන්නේ මෙය ඉක්මනින් ධනවත් වීමේ අවශ්‍යතාවයක් සඳහා සැකසූ ඇන්ඩ්‍රොයිඞ් වැඩසටහනක් නොවන බවයි.
නීතිය කඩ වන හෝ මහජන ආරක්‍ෂාව උල්ලංඝනය වීමේ අවදානමක් නොමැතිව ඖෂධීය ගංජා අවශ්‍ය පුද්ගලයන්ට ඒවා පහසුවෙන් ලබාගත හැකි නීත්‍යානුකූල වෙළඳපොළක් තැනීම සිය අරමුණ වූ බව ඔහු පවසා තිබේ.
මේ වන විට ඇමරිකාවේ ප‍්‍රාන්ත 23ක ඖෂධීය අවශ්‍යතා සඳහා ගංජා අලෙවිය නීත්‍යානුකූල කර ඇත.
Sunday, October 19, 2014
ගංජා ගෙදරටම ගෙනැවිත් දෙන ස්මාට්ෆෝන් මෘදුකාංගයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment