ජපානය සහ ඇමරිකාව අතර ඓතිහාසික මිලිටරි ගිවිසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 15, 2014

ජපානය සහ ඇමරිකාව අතර ඓතිහාසික මිලිටරි ගිවිසුමක්

ජපානය සහ ඇමරිකාව අතර නව ආරක්‍ෂක සහයෝගිතාවයක් ඇතිකරගැනීමට එකගතාව පළවී ඇතැයි වාර්තා වේ.  

දෙරට විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දක්වා ඇත්තේ සාමකාමී අවස්ථාවන්හිදී මෙන්ම ජපානය ප‍්‍රහාරයකට ලක්ව ඇති හෝ ජපානය විසින් ප‍්‍රහාර එල්ල කරමින් ඇති මොහොතක එහි ආරක්‍ෂාව දුර්වල නොවී තබාගැනීම නව සහයෝගිතාවයේ අරමුණ බවයි.

වසර 17කට පසුව ඇමරිකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගිතාවය සංශෝධනය කළ පළමු අවස්ථාව මෙය වන අතර නැගෙනහිර චීන මුහුද තුළ මතුව ඇති අර්බුදකාරී තත්වය මේ සඳහා හේතුවී ඇති බව විශ්වාස කෙරේ.

සෙන්කාකු දිවයින් ලෙස හඳුන්වන දුපත් රාශියක අයිතිය පිළිබඳව චීනය සහ ජපානය අතර ආන්දෝලනාත්මක තත්වයක් වර්ධනය වී ඇති අතර ඒ අවට ඛනිජ තෙල් නිධි පවතින බවට මත පළවීමෙන් පසු එය වඩාත් උණුසුම්වී ඇත.  

කලාපීය යුද්ධයක් ජයග‍්‍රහණය කළ හැකිවන ලෙස සිය මහජන විමුක්ති හමුදාව නවීකරණය කරන බව සැප්තැම්බර් මසදී චීන ජනාධිපති ෂි ජින්පින් පවසන ලදී.

ජුලි මසදී ජපානය විසින් සිය සාමවාදී ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කළ අතර එමගින් ජපාන හමුදාව විදේශ මෙහෙයුම් සඳහා සහභාගී වීමට තිබූ බාධා ඉවත් කෙරිණි.

2012දී රැඩිකල් ජාතිකවාදී වැඩසටහනක් ඉදිරිපත් කරමින් බලයට පත්වීමෙන් පසුව ජපාන අගමැති ෂින්සො අබේ විසින් මෙලෙස ජපානයේ සමස්ත දේශපාලන මුහුණුවර වෙනස් කරමින් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad