KFC ගිය පණුවෙක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 19, 2014

KFC ගිය පණුවෙක්!

මාර්තු 10 වනදා මීගමුව KFC අවන්හලට ආහාර ගැනීම සඳහා  ගිය පාරිභෝගිකයෙකුට මෙම අප්‍රසන්න සිදුවීමට මුහුණදීමට සිදුව තිබේ. 

වෙලාව සවස 5 පසුව විනාඩි 6 ක් වන විට  මෙම පුද්ගලයා KFC එකේ ආහාර ගනිමින් සිට ඇත. 

එම අවස්ථාවේදී ඔහු ආහාරයට ගනිමින් සිටි   බැදපු  කුකුල් මස් කැබැල්ලේ පණුවෙක් තිබී අසුවී ඇති අතර එය ඔහු දෑසින්ම දැක තිබේ.

පසුව එම පාරිභෝගිකයා විසින් KFC එකේ සේවකයාට මේ පිළිබඳව පෙන්වා දෝෂාරෝපනය කර ඇති අතර ඔහු විසින් එම මොහොතේම 119 අමතා පාරිභෝගික අධිකාරීයේ දුරකථන අංකය ලබාගෙන එයට දුරකථන ඇමතුමක් ලබාදී  තිබේ. 

නමුත් ඒ මොහොතේ එම අංකයට සම්බන්ධකර ගැනීමට ඔහුට නොහැකි වී ඇති අතර පසුව ඔහු විසින් එම පණුවන් සිටි ආහාර සහ සේවකයන් පරීක්ෂා කරන අයුරු ඡායාරූප ගතකොටගෙන ඇත.  

KFC අවන්හලේ  නිලධාරීන් විසින් එම මොහොතේම එම පණුවන් සිටි ආහාර ඉවත්කරගෙන ඇති අතර බිල් පත ද රැගෙන ඇත.

මේ සිදුවිම පිළිබදව වැඩි විස්තර දැනගැනිම සදහා අප මීගමුව KFC අවන්හලේ කළමණාකරුව අද දින ඇමතූ අවස්ථාවේ ඔහු ඒ ගැන කිසිවක කිමට නොහැකි බව පවසා කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් විමසන ලෙස දන්වා දුරකථනය විසන්ධි කර තිබේ.

මේ සිදුවිම සම්බන්ධයෙන් මීපුර වෙබ් අධවිය මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සම්බන්ධකරගැනිමට උත්සාහ කළද එයද අසාර්ථක වී තිබේ. 






No comments:

Post a Comment

Post Bottom Ad