ජේසුතුමන් ගැන නොදත් දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 19, 2014

ජේසුතුමන් ගැන නොදත් දේ

පාස්කු උත්සව සමය එළඹීම මෙන්ම දෙවියන්ගේ පුත‍්‍රයා (Son Of God) චිත‍්‍රපටය ලොව පුරා තිරගත වීම සමගද ජේසුස් වහන්සේගේ ජීවිතය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් දක්වන කාලයක් එළඹේ.  

ඇමරිකානු ජෙසුයිට් නිකායික පූජකවරයෙක් වන ජේම්ස් මාටින් විසින්ද මෙවැනි විචාරයක් සිදුකර තිබේ. ඔහු මේ සඳහා විවිධ ශාන්තුවරුන්ගේ ශුභාරංචි කථා මෙන්ම පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික අධ්‍යනයන්ද උපයෝගි කර ඇතැයි පැවසේ.  

ඔහු පවසන්නේ ජේසුතුමන් උපන් ගම කිසිවෙකුත් නොදත් ඉතා කුඩා ගම්මානයක් වූ බවයි. පැරණි තෙස්තමේන්තුවේ යාබද ගම්මාන ගණනාවක් පිළිබඳ විස්තර දී ඇතත් නාසරත් පිළිබඳව කිසිවක් නොමැති අතර පුරාවිද්‍යා අධ්‍යනයන්ට අනුව එහි සිට ඇත්තේ 200-400ක් පමණ ජනගහනයකි.

එමෙන්ම ඔහු දෙවියන්ගේ පුත‍්‍රයා වුවත් ඔහු නොදත් දේද වූ බව මාටින් පවසයි.  ශුද්ධ ලූක්ට අනුව ජේසුස් යොවුන් කාලයේදී ඥානයෙන් වර්ධනය වී ඇත.  මේ අතර ජේසුතුමන් වයස අවුරුදු 12 සිට 30 අතර කාලසීමාවේ වඩුවෙකු ලෙස කටයුතු කර තිබේ.

ඇතැම් පර්යේෂකයන් පවසන්නේ ඔහු සාමාන්‍ය කම්කරුවෙකු හෝ කුලීකරුවකු වන්නට ඇති බවයි.  18 වසරක් මෙවැනි රැකියාවක් කළ ඔහු රළු හැඩිදැඩි පුද්ගලයෙකුවූ බව මාටින්ගේ අදහසයි.  ජේසුස් වහන්සේට තනිව කාලය ගතකරන්නට අවශ්‍යවූ බව ශුභාරංචි කථා වල දැක්වේ.

ගැලිලි මුහුදු වෙරළේ ඇති කුඩා ගල් ගුහාවක් මේ සඳහා භාවිතා කරන්නට ඇති බව සොයාගෙන තිබේ.  එමෙන්ම ඔහු මරණය අපේක්ෂා කළ බව ඇතැමෙක් පැවසුවද ඔහු මරණයට බිය වූ බව ශුභාරංචි කථා රැසකින් අනාවරණය වේ.

නමුත් අවසානයේදී එය දෙවියන්ගේ කැමැත්ත බව වටහාගත් ඔහු කුරුසියේදී මරණය භාරගත් බව දේවගැති මාටින්ගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad