දුරකතනයෙන් කාන්තාවකට ලිංගික අතවර කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 13, 2014

දුරකතනයෙන් කාන්තාවකට ලිංගික අතවර කරලා

විවාහක කාන්තාවකගේ ආදරය ඉල්ලා දුරකථනයෙන් කරදර කළ බව කියන පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන කොම්පඤ්ඤවිදිය පොලීසිය පවයි.

කොටුව මහේස්ත‍්‍රාත්වරයාට පොසීයි විසින් මේ බව දැනුම් දුන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක සම්බන්ධීකරණ නිලධාරිනියක් වශයෙන් සේවය කරන විවාහක කාන්තාවක් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව එය විභාගයට ගත් අවසුථාවේදීය.

තමාගේ ජංගම දුරකථනයට කිසියම් පුද්ගලයෙකු විසින් නිතර නිතර කතා කරමින් සහ කෙටි පණිවුඩ එවමින් තමාගෙන් ආදරය අයැද සිටින බව සිය පැමිණිල්ලේ පැමිණිලිකාර කාන්තාව පවසා ඇත.

තමා විවාහක කාන්තාවක් යැයි ඔහුට පවසා සිටි පසුත් ඒ අන්දමට තමාට හිරිහැර වන අන්දමින් දුරකථන ඇමතුම් සහ කෙටි පණ්වුඩ එවූ බව පැමිණිලිකාරිය පොලීසියට පවසා ඇත.

මේ හේතුවෙන් තමාට මහත් ලැජ්ජාවක් ඇති  වූ බවත්, එය තමාට කරදරයක් බවත් පැමිණිලිකාරිය පවසා ඇත.

සැකකාරිය භාවිත කළැයි කියන දුරකථන අංකය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා දුරකථන සේවා සපයන සමාගමට නියෝගයක් නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad