පාසල් දැරිය හෝටලයකට ගෙනගොස්‌ නිරුවත් පිංතූර ගෙන මිතුරන්ට පෙන්වූ පෙම්වතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 10, 2014

පාසල් දැරිය හෝටලයකට ගෙනගොස්‌ නිරුවත් පිංතූර ගෙන මිතුරන්ට පෙන්වූ පෙම්වතා

පහළොස්‌ හැවිරිදි පාසල් දැරියක්‌ ඇගේ පෙම්වතා විසින් වැල්ල දේවාලය අසල පිහිටි හෝටලය කට රැගෙන ගොස්‌ දැරිය අමානු ෂික ලෙස ලිංගික අතවර කර ජංගම දුරකථනයෙන් ඇගේ නිරුවත් ඡායාරූප ගෙන තිබෙන පුවතක් උණවටුන ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ දූෂණයට ලක්‌කොට ඇත්තේ හබරාදුව පොලිස්‌බල ප්‍රදේශයට අයත් හල්ගස්‌මුල්ල ප්‍රදේශයේ පාසල් දැරියක්‌ බවයි. 

පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. විහාරස්‌ථානයකදී මොවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්ව තිබෙනවා. 

පසුගිය වසරේ මැයි මාසයේ පළමු වරට මෙම දැරිය පෙම්වතා අතින් දූෂණයට ලක්‌වී තිබෙන අතර එහිදී පෙම්වතා දැරිය නිරුවත් කොට ජංගම දුරකථනයෙන් වීඩියෝගත කොට ඡායාරූප ද ගෙන තිබෙනවා. 

පසුව සැකකාර පෙම්වතා විසින් මෙම නිරුවත් ඡායාරූප මිතුරන්ට ද පෙන්වා තිබෙනවා. මෙය දැරියගේ සහෝදරයකුට ආරංචි වී දැරියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. 

පෙම්වතා විසින් මෙම ඡායාරූප පෙන්වන බවට තර්ජනය කොට කිහිප අවස්‌ථාවකදී දැරිය දූෂණයට ලක්‌කොට තිබෙනවා.  මෙය කිසිවෙකුටවත් නොකියන ලෙස පෙම්වතා දැරියට පවසා ඇති අතර එසේ කළහොත් ඇසිඩ් ගසන බවට ද පවසා තර්ජනය කොට තිබෙනවා.සැකකාර පෙම්වතා හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad