ඇමරිකානු ප‍්‍රහාරක යානවල චීන අමතර කොටස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 14, 2014

ඇමරිකානු ප‍්‍රහාරක යානවල චීන අමතර කොටස්

ඇමරිකානු අවි නිෂ්පාදන ගණනාවක චීනයේ නිෂ්පාදිත සංඝටක පවතින බව පෙන්ටගනය විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

ලොක්හීඞ් මාටින් සමාගම විසින් නිෂ්පාදිත F-35 ප‍්‍රහාරක යානයේ රේඩාර් පද්ධතියේ චීනයේ නිෂ්පාදිත චුම්භක සවි කර ඇතැයි මාස කිහිපයකට පෙර වාර්තා විය.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඊට අමතරව F-16 ප‍්‍රහාරක යානාවල, B-1 බෝම්බ ප‍්‍රහාරක යානයේ සහ SM -3IIA මිසයිල වලද චීනයේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය අඩංගු බවයි.

තම අවි චීනයේ චරපුරුෂ ඇසින් ගලවාගැනීම සඳහා ඇමරිකානු අවි වලට චීනයේ නිෂ්පාදිත කිසිවක් භාවිතා නොකළ යුතු බවට නීතියක් පණවා තිබේ.

කෙසේවෙතත් නියමිත කාලසීමාවට වඩා ප‍්‍රමාදවූ ත්‍-35 ප‍්‍රහාරක යානයට වැය කළ ඩොලර් බිලියන 392ක මුදල හේතුවෙන් චීන චුම්භක වලට අවසර දීමට පෙන්ටගනය විසින් පියවර ගනු ලැබිණි.

එම චුම්භකයක වටිනාකම ඩොලර් 2ක් වන අතර ඒවා මාරු කිරීමට සිදුවූවා නම් ඩොලර් මිලියන 10ක් වැය වනු ඇතැයි පැවසේ.

මේ අතර දුර්ලභ ඛනිජ වර්ග වෙළඳපොළ චීනය සතුවීම මෙවැනි නීතියක් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම ඇමරිකාවට අපහසු වීමට ප‍්‍රධාන හේතුවක් වන අතර SM -3IIA මිසයිලයේ භාවිතා කර ඇති ටයිටේනියම් නිෂ්පාදනය කර ඇත්තේද චීනයයි.

මේ අතර තම රෙගුලාසි වලට අනුකූලව නිෂ්පාදනය නොකිරීම සම්බන්ධයෙන් අවි නිෂ්පාදන සමාගම් වලින් වන්දි ඉල්ලීමට පෙන්ටගනය විසින් පියවර ගනු ඇතැයිද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad