හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ ඉකුත් ඉරිදා දින බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් අධිකාරි ප්‍රසාද් සිරිවර්ධන මහතාද ජීවිතක්ෂයට පත්කිරීම ඇතුළු වූ කලහකාරී තත්ත්වයට සම්බන්ධව රහස් පොලිසිය මගින් හඳූනාගත් පුද්ගලයන් පස්දෙනා එම ප්‍රදේශය හැර ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔවුන් පස්දෙනා සහ මෙම විරෝධතාව ගැටුමක් දක්වා වර්ධනය කළ පුද්ගලයන් සොයා කොළඹින් එම ප්‍රදේශයට පිටත්ව ගිය රහස් පොලිස් කණ්ඩායම් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එම ප්‍රදේශයේ රබර් අත්වැසුම් කර්මාන්ත ශාලාවක් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සිදුවූ අතර නැවත මෙවැනි කලහකාරී තත්ත්වයක් ඇති නොවීමට මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා නුගේගොඩ සහ සීතාවක යන කොට්ඨාස දෙකෙහි පොලිස් නිලධාරීන් කැරලි මර්දන නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 1500ක් පමණ යොදවා තිබේ.
චාමර අමරසූරිය
Thursday, March 20, 2014
තුන්නානේ ගහ පෙරලපු පස්දෙනාම ප්‍රදේශය හැර ගිහින්
Tags
# featured
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
featured,
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment