විනාඩි 3කට ගීතාගේ අයකිරීම ලක්ෂ 4යි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 10, 2014

විනාඩි 3කට ගීතාගේ අයකිරීම ලක්ෂ 4යි !

සිරි දළදා ගමනය චිත්‍රපටය පසුගිය බ්‍රහස්පතින්දා සිට සිනමාහල් 50ක ප්‍රදර්ශනය කෙරේ.

මෙම චිත්‍රපටයේ එන චරිතයක විනාඩි 3ක් රඟපෑමට ගීතා කුමාරසිංහ විසින් අය කර ඇති මුදල රු. ලක්ෂ 4කි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු දන්ත ධාතූන් වහන්සේ ඛේම නම් මහරහතන් වහන්සේ සිය ඍද්ධි බලයෙන් රැගෙන ගොස් බාර දුන්නේ කළිඟු රට බ්‍රහ්මදත්ත රජු හටයි.

ගීතා කුමාරසිංහ දායක වන්නේ බ්‍රහ්මදත්ත රජුගේ බිසවගේ චරිතයයි. ගීතා විසින් අද රන්දිව පුවත්පතට පවසා තිබුණේ "මහ ඇමතිකම නොදුන්නොත් බම්බු ගහගන්න කියලා යනවා. නිකන් බුදියගන හිටියත් මට මාසෙට ලක්ෂ 20ක් හම්බවෙනවා" යනුවෙනි.

බ්‍රහ්මදත්ත රජුගේ බිසවගේ චරිතයට ගීතා රඟපාන අයුරු පහතින්.


No comments:

Post a Comment

Post Bottom Ad