තියුණු ආයුධයක් ආධාරයෙන් තම පුරුෂ අවයවය සහ වෘෂන කෝෂ යුගල කපා ගත් පුද්ගලයෙකු පිළිබදවයි පසුගියදා අසන්නට ලැබුණා.
විවිධ අනතුරු වලින් මෙවන් සිදුවීම් වාර්තා වුවද තමාගේම පුරුෂ අවයවය තමා විසින්ම කපා ගත් බවට පුවතක් අසන්නට ලැබුනේ ප්‍රථම වතාවටයි.
එම සිද්ධියේ තවත් විශේෂතාවයක් වන්නේ එම වෙන්වුණු අවයවය යලිත් සවි කිරීමට තරම් අති දක්ශ වෛද්‍යවරු පිරිසක් අප රටේ සිටින බවට ඔප්පු වීමයි.
28 හැවරිදි මෙම පුද්ගලයා රැකියාව වශයෙන් බ්ලොග් ගල් කැපීම සිදු කර තිබූ අතර රැකියාව අවසන් වී පැමිණෙන සෑම දිනකම මධු විතින් සප්පායම් වී පැමිණීම පුරුද්දක් කරගන තිබුණා.
බීමත්ව පැමිණීම නිසා බොහෝ අවස්ථා වලදී ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවන් සිදු කිරීමට බිරිද එකඟවී නැහැ.
එම හේතුවෙන් නිතර දෙදෙනා අතර බහින් බස් වීම් සිදු වී ඇති එදින එම නිවසින් මර ලතෝනි හඩක් නැගී ඇත.
එම හඩ ඇසීමෙන් ඔහුගේ නිවස අසල සිටි ඔහුගේ මාමා කෙනෙකු නිවසට පැමිණ ඇති අතර ඔහුට දැකගැනීමට ලැබී තිබෙන්නේ තියුණු පිහියකින් මොහු රහසග කපාගන සිටින අයුරුයි.
අනතුරුව භීතියටත් විශ්මයටත් පත්වූ නිවැසියන් විදුලි වේගයෙන් එම පුද්ගලයාව සහ අවයව ආරක්ෂාකාරීව රෝහල වෙත ගෙන ගොස් ඇත.
පසුව රෝහලෙන් එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙන්නේ ඔහුගේ අවයවය වියලි සහ සීතල භාවයකින් යුතු වන ආකාරයේ පොලිතින් බෑගයක දමායය.
මෙම සැත්කම කළ වෛද්‍ය අරණජිත් අමරසිංහ මහතා ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.
"රෝගියාගේ අවයව ඉතා ආරක්ෂාකාරීව සහ ඉක්මනින් කොළඹ වෙත ගෙන ඒම නිසා මෙම ශල්‍යකර්මය කිරීමට ඉතා වැදගත් පිටිවහලක් වුනා.ඉන් පසු මෙම සැත්කමට අවශ්‍ය අවයව වන ශිෂ්ණය සහ වෘෂන කෝශ යුගලය පිරිසිදු කොට රුධිර නාල සහ ස්නායු වෙන වෙනම හදුනා ගත්තා.ඉන් පසු තුවාල සහිත ප්‍රදේශයේ කෙළවර වෙන් වෙන්ව හදුනා ගත්තා"
එම අකාරයෙන් ඉතා සියුම්ව ක්ෂුද්‍ර සැත්කමක් ආකරයට කළ මෙම සැත්කම ඉතා සාර්ථකව නිම කර ගැනීමට එම වෛද්‍ය කණ්ඩායමට හැකි වූ අතර ඔවුන් ප්‍රකාශ කළ අන්දමට රෝගියාට සාමාන්‍ය ක්‍රියාකාරී මට්ටමට පැමිණීමට වසරකට අඩු කාලයක් ගතවෙයි.
දැනීම, සන්නිවේදනය ලැබීමට මාස 6කට අඩු කාලයක් ගතවන බවටයි වෛද්‍යවරුන් පවසන්නේ.
ඉදිරියේදී ඔහුට ප්‍රජනන කටයුතු කිරීමට හැකි වුවත් සන්නිවේදනය පිළිබදව ගැටලුවක් මතුවීමට, එසේ නැතහොත් ලිංගික ශක්තිය හීන වීමට ඉඩ තිබිය හැක. දැනට රෝගියාගේ ජීවිතය සම්බන්ධයෙන් ගැටලුවක් නැත.
ලංකාදීප ඇසුරෙනි
Monday, October 14, 2013
බිරිදත් එක්ක තරහට කපාගත් පුරුෂ අවයවය සවිකල හැටි
Tags
# featured
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
featured,
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment