2021වසරේදී මත්ස්‍ය පැටවු මිලියන 18ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් වලට මුදා හැරීමේ වැඩපිළිවෙළක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 10, 2020

2021වසරේදී මත්ස්‍ය පැටවු මිලියන 18ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් වලට මුදා හැරීමේ වැඩපිළිවෙළක්

2021වසරේදී මත්ස්‍ය පැටවු මිලියන 18ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් වලට මුදා හැරීමේ වැඩපිළිවෙළක්

2021 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ජලාශ 37ක් සඳහා මත්ස්‍ය පැටවුන් මිලියන 18ක් තැන්පත් කිරීම සිදු කරන බව විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (09) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කරන ලදී.

මිරිදිය ධීවර කාර්මිකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය බැංකු හා සාකච්ඡා කරමින් සියලුම මත්ස්‍ය කර්මාන්තකරුවන්ට සහනදායි පදනම මත ණය ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවැසීය.

එමෙන්ම ධීවර කර්මාන්තකරුවන් සියලු දෙනා හට නිසි පුහුණුවක් හා තාක්ෂණික දැනුමක් ලබා දෙමින් ඔවුන් යම්කිසි ශ්‍රේණිගත කිරීමක් සිදු කර ධීවර කාර්මිකයන් නගා සිටු වීමට අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.

No comments:

Post a Comment

Post Bottom Ad