මාස තුනක බිළිඳියට කොවිඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 28, 2020

මාස තුනක බිළිඳියට කොවිඩ්

මාස තුනක බිළිඳියට කොවිඩ්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා කර තිබෙන මාකලන්දාව ග්‍රාම සේවා වසමේ පදිංචි කාන්තාවකට සහ ඇයගේ මාස තුනක දියණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (27 වැනිදා) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව සනාථ වී ඇතැයි වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල මහතා පැවසීය.

පසුගියදා මතුගම බස් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් වලල්ලාවිට මගුරුමස්විල පදිංචි ආසාදිත පුද්ගලයකුගේ ආශ්‍රිතයන් අතරින් මෙම නව ආසාදිතයන් දෙදෙනා වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

පසුගිය 24 වැනිදා මාකලන්දාව පාසල් භූමියේදී පීසීආර්. පරීක්ෂණ සඳහා ජෛව සාම්පල් 59 ක් ලබාගත් බවත්, ඒ අවස්ථාවේ දී ජෛව සාම්පල් ලබා දීමට අකැමැති වූ අය අතරින් මෙම ආසාදිතයන් දෙදෙනා වාර්තා වූ බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

වලල්ලාවිට සෞඛ්‍ය බල ප්‍රදේශයේ තවත් හුදෙකලා ගම්මානයක් වන ගුලවිට ග්‍රාම සේවා වසමේ පසුගිය 23 වැනිදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 41 ක වාර්තා ද ලැබීමට නියමිතව ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad