රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 ක් වයසැති කුඩා බිළිඳෙකුටත් කොරෝනා ආසාදනය වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 9, 2020

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 ක් වයසැති කුඩා බිළිඳෙකුටත් කොරෝනා ආසාදනය වෙයි



රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මාස 10 ක් වයසැති කුඩා දරුවෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.


රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේ පසුගිය 07 වැනිදා මෙම දරුවා උණ රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගතකළ බවයි.


එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, මෙම කුඩා දරුවා අයි.ඩී.එච්. රෝහල වෙත ඊයේ මාරු කර යවා ඇති බව සඳහන්.


 මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන මාස 05 ක් වයසැති කුඩා දරුවෙකුගේ පියෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.


මෙම දරුවා මාස දෙකක කාලයක සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සැත්කමක් සඳහා හෙට දිනයේදී ඉන්දියාවට යෑමට නියමිතව තිබුණා.


ඒ අනුව එම දරුවාගේ දෙමව්පියන්ගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී පියාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.


ඔවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර, දරුවාගේ අසනීප තත්ත්වය හේතුවෙන් කොටිකාවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බවට වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad