ආණ්ඩුව ගේන්න දරදිය ඇද්ද අපි අද කලකිරිලා ඉන්නේ - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 9, 2020

ආණ්ඩුව ගේන්න දරදිය ඇද්ද අපි අද කලකිරිලා ඉන්නේ - (video)

ණ්ඩුව ගෙන ඒමට විශේෂයෙන්ම දරදිය අදිනු ලැබුවේ ස්වාමීන්වහන්සේලා බවත්, දැන් සංඝයා වහන්සේලා ඉතාමත් කලකිරීමකින් සිටින බවත් මාගල්කන්දේ සුදත්ත හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කර සිටියේය. ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියහ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම තනතුරෙන් පහත හෙළීම පිළිබඳවද අප්‍රසාදය පළ කර උන්වහන්සේ කියා සිටියේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා අනුමත කළ නොහැකි බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ සිටි රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයාව නීතිපති උපදෙස්වලින් තොරව හා අධිකරණ ක්‍රියාවලියෙන් පරිබාහිරව පොලිසිය විසින් නිදහස් කිරීම හරහා පාස්කු ප්‍රහාරයට ලක්වූ පවුල්වලට දැඩි අසාධාරණයක් වන බව උන්වහන්සේ අවධාරණය කරනු ලැබූහ.

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඇතිවූ ආකාරය පිළිබඳව පවතින මතිමතාන්තර පිළිබඳවද නිවැරදි පරීක්ෂණයක් සිදුවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ. 


No comments:

Post a Comment

Post Bottom Ad