පොල් වගා වනසන වදුරන්ට රිලවුන්ට පිරිත් පැන් ඉසිමු - එස් බී දිසානායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 27, 2020

පොල් වගා වනසන වදුරන්ට රිලවුන්ට පිරිත් පැන් ඉසිමු - එස් බී දිසානායක

මෙරට පොල් වගාවෙන් 40% ක පමණ ප්‍රමාණයක් වදුරන් රිලවුන් දඬුලේනන් විසින් විනාශ කර දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එය විශාල ප්‍රශ්නයක් වී ඇති නමුත් බෞද්ධ පරිසරය හේතුවෙන් පිරිත් පැන් ටිකක් ඉහිනවා හැරෙන්න වෙන යමක් කළ නොහැකි බවත් ඔහු පැවසීය.

නිෂ්පාදනය තවත් වැඩි දියුණු කිරීම ඇතුළු අගය එකතු කළ නිෂ්පාදනයන්ට තව තවත් යොමු වීම හැර වෙන ගත හැකි ක්‍රියාමාර්ග නැතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. 


No comments:

Post a Comment

Post Bottom Ad