පොල් ගැසට්ටුවට විහිළු කරන්නේ ජාවාරම්කාරයෝ - බන්ධුලගේ අලුත්ම කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 27, 2020

පොල් ගැසට්ටුවට විහිළු කරන්නේ ජාවාරම්කාරයෝ - බන්ධුලගේ අලුත්ම කතාව

ට ප්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනය හාස්‍යයට ලක් කරන්නේ ජාවාරම්කරුවන් විසින් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"පොල් ගෙඩියක් 120යි 200යි කියලා ඕනෙ බොරුවක් පතුරුවන්න පුළුවන්, එය වැටළීමක් කරලා නඩු පවරන්න තත්වය හදලා තිබුණෙ නැත්නම්. පසුගිය රජය සමයේ පොල් හිඟයක් ඇතිවෙච්ච අවස්ථාවේදී රුපියල් 75ක් කියලා පොල් ගෙඩියක මිල නියම කළා. 

අපි ඒ අවස්ථාවෙදි එයට විවේචනය කළා, මොකද හේතුව පොල් ගෙඩි කිව්වාම එක එක ප්‍රමාණවල පොල්ගෙඩි තිබෙන්නෙ. ඒ නිසා පොල් අලෙවි සංවර්ධන මණ්ඩලය පසුගිය රජයේ වැරැද්ද නිවැරදි කරලා පොල් තියෙන්නෙ කුඩා ප්‍රමාණයේ පොල් තියෙනවා, මධ්‍යම ප්‍රමාණයේ පොල් තියෙනවා, විශාල ප්‍රමාණයේ පොල් තියෙනවා. මිනිස්සු පොල් ගෙඩියක් ගන්න ගිහිල්ලා ඒවා මැන මැන ඉන්නෙ නෑ. මිනිස්සු ප්‍රායෝගිකව එදිනෙදා ජීවත්වීමේ භාවිතයෙන් දන්නවා කුඩා පොල් නම් අර උපරිම මිල 70ක් ගෙවන එක සාධාරණ නෑ කියලා. 

එනිසා එයට නියම කරලා තියෙනවා පොල් ගෙඩිය කුඩා නම් රුපියල් 60යි අය කරන්න පුළුවන් උපරිම මිල, ඊට වඩා විශාල එකක් නම් 65යි, විශාලම ප්‍රමාණයේ එකක් නම් 70යි. ඊට වඩා වැඩියෙන් පොල් විකුණන්න බැහැ කියලා පාරිභෝගිකයා ආරක්ෂා කරන්න පියවර ගත්තාම ඒකට විහිළු කරන ජාවාරම්කාරයෝ ඉන්නවා, ඒක ගැන එච්චර සලකන්න අවශ්‍ය නෑ. මොකද 120යි කිව්ව පොල් 70ට හම්බවෙනවා නම් ඒක තමා රජයේ අරමුණ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මාධ්‍ය කළ විමසීමකදී ඊට පිළිතුරු ලබාදෙමිනි.  


No comments:

Post a Comment

Post Bottom Ad