20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ !

බෞද්ධ රාජ්‍යයක් ගොඩ නගන්නේ යැයි කයිවාරු ගසා බලයට පත් වූ ආණ්ඩුව විසිවැනි සංශෝධනය මගින් පන්සිල් පද පහ ද බිඳ දමා ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනතාව නොමග යවා බොරු කියමින් ජනතාවගේ බදු මුදල් කොල්ලකෑම පහසු කරවීමට යයිද ඔහු පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විසිවන සංශෝධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කිසිවෙකු නොසලකා හිතුවක්කාර ලෙස පාර්ලිමේන්තු ගෙනවිත් ඇතැයි ද පැවසූ ඔහු සියලු බලතල තමන්ට පවරා ගැනීමට ජනාධිපතිවරයාට තිබූ හදිසිය මෙම මගින් ප්‍රසිද්ධ ප්‍රකාශ වන බවත් එය අතිශය හිතුවක්කාර සහ බලහත්කාරකමක් යැයිද පැවසීය.

20 වන සංශෝධනය ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලවත් උවමනාවක් ඇති නමුත් ඊට මහින්ද රාජපක්ෂ මහතා ගේ පොඩි ඈලිමෑලි ගතියක් පේන්න තිබෙන බව ඔහු තවදුරටත් කියා සිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad