අභිරහස් ලෙස මිය ගොස් සිටි අවුරුදු 15 ක පාසල් දැරියකගේ මළ සිරුරක් කොත්මලේ ජලාශයෙන් හමු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

අභිරහස් ලෙස මිය ගොස් සිටි අවුරුදු 15 ක පාසල් දැරියකගේ මළ සිරුරක් කොත්මලේ ජලාශයෙන් හමු වෙයි





අභිරහස් ලෙස මිය ගොස් සිටි වයස අවුරුදු 15 ක පාසල් දැරියකගේ මළ සිරුරක් කොත්මලා ජලාශයට ජලය සැපයෙන ඩෙස්පෝඩ් ප්‍රදේශයේ ඇල  මාර්ගයක් අසල වැටී තිබියදී අද (29) සොයාගත් බව නානුඔය පොලීසිය පවසයි.


මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය, ඇබස්බෝඩ් දෙමළ විදුහලේ 10 වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි ඩෙස්පෝඩ් වත්තේ පහල කොටසේ පදිංචි මහේන්ද්‍රන් යශෝදා (15) නැමැති පාසල් සිසුවියකගේ බවට පොලීසිය සොයා ගෙන තිබේ.

තම දියණිය ඊයේ (28) රාත්‍රී 10.30 පමණ වනතුරුත් නිවසේ පාඩම් කටයුතුවල නිරතව සිටි බවත්, පසුව පාන්දර 2.30 ට පමණ අනෙක් දරුවාගේ අවශ්‍යතාවයක් මත ඇහරී බලන විට දියණිය නිවසේ නොසිටි බවත් ඉන් පසුව නිවස ආසන්නයේ සෑම තැනකම සොයා ලැබු බවත්  මියගිය දැරියගේ මව පොලීසියට පවසා තිබේ.


තේ දළු නෙලීමට යමින් සිටි වතුයායේ වතුකම්කරුවන් පිරිසක් පළමුව මෙම දැරියගේ මළසිරුර දැක පසුව පොලීසියට පවසා තිබිණි.

මෙලෙස  අභිහරස් ලෙස මියගොස් ඇති දැරියගේ මළසිරුර පිළිබඳව නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරික්ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර ගන්නා බව නානුඔය පොලීසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලීසිය පුළුල්  විමර්ශණයක් ආරම්භ කොට ඇතැයි පොලීසය පවසයි.










No comments:

Post a Comment

Post Bottom Ad