කොරෝනා ව්‍යාපත් වීමේ අවධානමක් - වසංගත රෝග විද්‍යා අංශයෙන් අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

කොරෝනා ව්‍යාපත් වීමේ අවධානමක් - වසංගත රෝග විද්‍යා අංශයෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා ව්‍යාපත් වීමේ අවධානමක් - වසංගත රෝග විද්‍යා අංශයෙන් අනතුරු ඇඟවීමක්

නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑමේ වැඩි අවධානමක් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

පීසිආර් පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

ඊයේ දිනයේ දී නව ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2971ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 5 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග සුවය ලැබු සමස්ථය 2816ක් දක්වා ඉහළ ගියේය.

වෛරස ආසාදිතයින් 143 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad