19 අහෝසියට 69%ක් ජනතාව විරුද්දයි.. අපි කල මත විමසුමකින් හෙලිවුනා.. 19 අහෝසියට විරුද්දව පාරට බහිනවා - රාජිත සේනාරත්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

19 අහෝසියට 69%ක් ජනතාව විරුද්දයි.. අපි කල මත විමසුමකින් හෙලිවුනා.. 19 අහෝසියට විරුද්දව පාරට බහිනවා - රාජිත සේනාරත්න

19 ව්‍යවස්ථා සංශෝධනයට රැක ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් එය අහෝසි කිරීමට උත්සාහ කළොත් ජනතාව සමඟ පාරට බැස විරෝධතා කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

පක්ෂයේ සාමාජිකයන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ 19 සංශෝධනය රැක ගැනීමට අති මහත් බහුතරයක් එකඟ වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

විධායක ජනාධිපති බලතල සීමා කිරීමට 69% නමයක් එකඟ වී ඇති බව එමඟින් හෙලි වූ බවත් තොරතුරු දැනගැනීමේ පනත 62%ක් අනුමත කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

නමුත් ස්වාධීන කොමිසන් සභා සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන 65%ක් එකඟතාවයක් පළ කරනු නැතැයිද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad