ඇවන්ගාඩ් ගනුදෙනු යළිත් කරළියට - විජේදාසගෙන් හෙළිදරව්වක්(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2020

ඇවන්ගාඩ් ගනුදෙනු යළිත් කරළියට - විජේදාසගෙන් හෙළිදරව්වක්(VIDEO)

ඇවන්ගාඩ් ගනුදෙනු යළිත් කරළියට - විජේදාසගෙන් හෙළිදරව්වක්(VIDEO)

රාජිත සේනාරත්න මහතා කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (02) රාජිත සේනාරත්න මහතා ඇවන්ගාර්ඩ් සමාගමෙන් රු.ලක්ෂ 200ක් කප්පම් ගෙන තිබෙන බවට කරුණු අනාවරණය කළේය.

ඒ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඇවන්ගාර්ඩ් සමාගම විසින් අවස්ථා තුනකදී රු.ලක්ෂ 50 බැගින් වූ චෙක් පත් ලබා දී ඇති අතර ඒවා මුදල්වලට හුවමාරු කරගෙන ඇති බවත් එම මුදල් භාරගත්  බවට අත්සන් කර තිබෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා බවත් ඔහු රාජිත සේනාරත්න මහතා විසින් පත් කළ තැනැත්තෙක් බවත් රාජපක්ෂ මහතා පැවසුවේය. 

සේනාරත්න මහතාට තවත් රු. ලක්ෂ 50 මුදලින් ලබා  තිබෙන බවද ඇවන්ගාර්ඩ් ව්‍යාපාරිකයා තමන්ට පැවසූ බව ද ඔහු කියා සිටියේය. 

ඒ අනුව රාජිත සේනාරත්න මහතාගේ අභියෝගය භාරගනිමින් තමන් එය තහවුරු කර තිබෙන බවත් ඉදිරියේදී තව තවත් පුද්ගලයන් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කරන බවත් විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad