කංජිපානීගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් හමුවෙයි - සිරමැදිරි හදිසියේ සෝදිසි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2020

කංජිපානීගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් හමුවෙයි - සිරමැදිරි හදිසියේ සෝදිසි කරයි

කංජිපානීගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් හමුවෙයි - සිරමැදිරි හදිසියේ සෝදිසි කරයි

බන්ධනාගාර ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානී ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකතන ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස කඳවුරේ නිලධාරින් කණ්ඩාමක් ඊයේ (01) දිනයේ විශේෂ ඝණයේ රැඳවියන් රඳවා සිටින සිරමැදිරි හදිසි සෝදිසි කිරිමකට ලක් කරනු ලැබීය.

එහිදී කංජිපානී ඉම්රාන් රඳවා සිටින අංක තුන සිරමැදිරියේ තිබී ඇන්ඩ්රොනයිඩ් වර්ගයේ ජංගම දුරකථනයක් සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

ඊට අමතරව සිම් කාඩ්පත් 4ක් සහ චාජරයක් ද ඔහුගේ සිරමැදිරිය තුළ තිබී සොයාගෙන තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයක දී ද කංජිපානී ඉම්රාන්ගේ සිරමැදිරිය තුළ තිබූ ජංගම දුරකතන ඇතුළු උපකරණ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් සොයා ගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad