සජිත් තමන් පරදින බවට දැඩි විශ්වාසයෙන් ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2020

සජිත් තමන් පරදින බවට දැඩි විශ්වාසයෙන් ?

ජිත්ගේ විසිදහසේ කථාව ආණ්ඩු බලය තමන්ට නොලැබෙන බවට ඇති දැඩි විශ්වාසය නිසා සිදුකරන ප්‍රකාශයක් බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

බලංගොඩ ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කලේය.

තවදුරටත් අදහස් දැක්වමින්,සජිත් ප්‍රේමදාස මහත්තයා තමන් බලයට ආවොත් ආර්ථික අපහසුතා ඇති සෑම පවුලකටම රුපියල් 20,000 බැගින් දෙනවා කියලා රට වටේම කිය කිය යනවා.එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ඕනෑම දෙයක් කියන්න පුලුවන්.මොකද එතුමාට දැඩි විශ්වාසයක් තියෙනවා මෙවර අගමැති වෙන්න එතුමාට කිසිම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ කියලා.ඒක නිසා එතුමට ඕනෑම පොරොන්දුවක් දෙන්න පුලුවන්.මොකද ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැති නිසා.එතුමා කොරොනා වසංගතය ආරම්භ වෙච්චකාලේ සෑම පවුලකටම මාසයකට රුපියල් 60,000 ගානේ දෙන්න කිව්වා.ඊට පස්සේ කොරෝනා වසංගතයට ලබා දිය යුතු බෙහෙත් වර්ග නිර්දේශ කලා.ඒක වෛද්‍යවරුන්ගේ රාජකාරියනේ.මෙහෙම පුද්ගලයන්ට රටක් බාර දුන්නොත් කොහොම හිටීද?.සෙනෙවිරත්න මහතා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින්,

එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන පෙරමුණයි දැන් එලිපිටම එකිනෙකාට චෝදනා කරගන්න පටන් අරන්.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සජිත්ගේ ප්‍රකාශ හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කරන කොට ,මහබැංකු හොරු ටික ඔක්කොම දැන් එක්සත් ජාතික පක්ෂයේ බව සමගි පෙරමුණේ කට්ටිය ප්‍රකාශ කරනවා.කොකාගේ සුද පේන්නේ ඉගිලෙන කොට වගේ, දෙපැත්තට බෙදුනහම දෙගොල්ලන්ගෙම කුණු දැන් එළියට එන්න පටන් ගෙන.දැන් සමගි පෙරමුණේ ඉලක්කය ඡන්දෙන් පස්සේ කොහොම හරි සිරිකොතේ බලය අල්ලන එක.ඔවුනට ආණ්ඩු බලයට වඩා සිරිකොතේ බලය ඇල්ලීම වැදගත් වෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙ නායකත්වයෙන් එලවන එක එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි කියලා සජිත්ලා තවමත් තේරුම් අරගෙන නැහැ.

තවදුරටත් අදහස් දක්වමින්,

මේ මැතිවරණයෙන් පොදුජන පෙරමුණු සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබනවා. එතනදී ඡන්දායකයින්ගේ වගකීම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුලුවන් උගත්, බුද්ධිමත්, වැඩකරන්න පුලුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කිරීම .19 වෙනි ව්‍යවස්ථාවෙන් ඇතිකර තිබෙන ජනපති අගමැති විරසකය නැවත මේ රටේ ඇතිවෙන්න ඉඩදෙන්න එපා.රට නැවත ආපස්සට යවන්න ඔබගේ ඡන්දය භාවිතා කරන්න එපා.වත්මන් ජනාධිපතිතුමයි අගමැතිතුමයි මනා අවබෝධයකින් රට පාලනය කරනවා.ඒ එතුමන්ගේ තිබෙන සහෝදර බැඳීම නිසා.එහෙම නොවුනම් මේ විකෘති කරපු ව්‍යවස්ථාවත් එක්ක ගැටුම් ඇතිවෙන එක වලක්වන්න බැහැ.සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න


No comments:

Post a Comment

Post Bottom Ad