පිනුම් අප්පුලා නිසා සජිත් ඡන්දෙන් පස්සේ පක්ෂෙට සුද්ධයක් දෙන්න යයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 27, 2020

පිනුම් අප්පුලා නිසා සජිත් ඡන්දෙන් පස්සේ පක්ෂෙට සුද්ධයක් දෙන්න යයි !

හ මැතිවරණයෙන් පසුව ජාතික සමගි ජනබලවේගය පක්ෂය සඳහා ආසන සංවිධායකවරුන් පත් කිරීමට නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මැතිවරණයේදී ක්‍රියාකාරී ලෙස කටයුතු කරන අයත්, වැඩිම ඡන්ද ලබාගන්නා අයත් තෝරා මෙලෙස සංවිධායකවරුන් වශයෙන් පත් කිරීමට නියමිතව ඇතැයි දේශය පුවත්පත හෙළිකර තිබේ.


විශේෂයෙන් එම සන්ධානය පුළුල් කරමින් විධිමත් පක්ෂයක් බවට පත් කිරීමට මේ වනවිට සාකච්ඡා පවත්වමින් ඇති බවද එහි සඳහන් වේ.

කෙසේවුවද, කළ සොයා බැලීමකදී හෙළිවූයේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටින වැඩි පිරිසක් මහ මැතිවරණයෙන් පසුව යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

එසේම එජාප නායකයා මුණ ගැසීමට පසුගිය දිනවල ටෙලිෆෝනයෙන් තරගවඳින හිටපු අමැතිවරයෙක් නිතර ගොස් ඇති බවත් පැවසේ.

ශ්‍රී ලංකා මිරර්


No comments:

Post a Comment

Post Bottom Ad