සජිත් පිලේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට ගනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 23, 2020

සජිත් පිලේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට ගනී !

ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුගේ රියදුරාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ජාතික සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක (හගුරන්කෙත) ජයලත් දිසානායක මහතා (23) දින උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හගුරන්කෙත පොලිසිය පැවසිය.

සම්බන්ධිකරණ ලේකම්වරයාගේ රියදුරා වන ප්‍රගිත් අත්තනායක මහතා හගුරන්කෙත ජල සම්පාදන මණ්ඩල කාර්යයාලට (22) දින සිය පුද්ගලික කටයුත්තක් සදහා ගොස් ආපසු පැමිණෙන විට සි.බි.රත්නායක මහතාට මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා උදව් නොකරන ලෙසට බැන වදිමින් ජයලත් දිසානායක මහතා පහර දුන් බවටයි හගුරන්කෙත පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

පහර කැමට ලක් වුවේ යැයි කියන ප්‍රගිත් අත්තනායක මහතා හගුරන්කෙත ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හගුරන්කෙත පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad