රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට තීන්දුවක් - තවත් ප්‍රතිලාභ රැසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 23, 2020

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට තීන්දුවක් - තවත් ප්‍රතිලාභ රැසක්

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට තීන්දුවක් - තවත් ප්‍රතිලාභ රැසක්

රාජ්‍ය සේවකයින්ගේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 

ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය රැස්වු අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ සියලු වැටුප් විෂමතා ජාතික වැටුප් කොමිසමට යොමු කර ඒවා ඉවත් කිරීමට අදාළ වැඩසටහනක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ අතර රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම විශ්‍රාමිකයෙකුට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ඊට අදාළව ප්‍රධාන නගරවල පිහිටි රජයේ රෝහල්වලින් මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරයට "රාජ්‍ය සේවකයින් සඳහා වන විශේෂිත වාට්ටු සංකීර්ණ" ඇති කිරීමට සැළැස්මක් සකස් කිරීමට ඊයේ (22) පැවති කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad