පොහොට්ටුවේ සෑම අපේක්ෂකයකුගේම ජන හමුවකට ජනපති පැමිණෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2020

පොහොට්ටුවේ සෑම අපේක්ෂකයකුගේම ජන හමුවකට ජනපති පැමිණෙයි

පොහොට්ටුවේ සෑම අපේක්ෂකයකුගේම ජන හමුවකට ජනපති පැමිණෙයි

මහා පරිමාණ ඡන්ද ප්‍රචාරක රැලි පැවැත්විය නොහැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ එක් ජන හමුවකට බැගින් සහභාගිවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා පොහොට්ටුව ලකුණින් තරග කරන සෑම අපේක්ෂකයකුගේම එක් ජනහමුවකට බැගින් සහභාගි වීමට නියමිතය. 

ශ්‍රී ලංකා ​පොදුජන පෙරමුණෙන් තරග කරන පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන සියලුම අපේක්ෂකයන්ගේ ජනහමුවලට ජනාධිපතිවරයා ඒ අනුව සහභාගිවනු ඇත. 

ජනාධිපතිවරයා ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ සියලුම අපේක්ෂකයන්ගේ ජනහමුවලට සහභාගි විය. 

No comments:

Post a Comment

Post Bottom Ad