හිටපු මැති ඇමැතින් බහුතරයකට ධීවර සංස්ථාවෙන් නොමිලේ මාළු පෙට්ටියක් නිවෙස්වලටම යවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2020

හිටපු මැති ඇමැතින් බහුතරයකට ධීවර සංස්ථාවෙන් නොමිලේ මාළු පෙට්ටියක් නිවෙස්වලටම යවලා

හිටපු මැති ඇමැතින් බහුතරයකට ධීවර සංස්ථාවෙන් නොමිලේ මාළු පෙට්ටියක් නිවෙස්වලටම යවලා

පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් බහුතරයකට මාසයකට වරක් අලු‍ත් මාළු අඩංගු පෙට්ටියක් බැගින් ධීවර සංස්ථාවෙන් නොමිලේ ලබාදී ඇතැයි මේවන විට අනාවරණය වී ඇත. 

ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ ඒ ඒ මැති ඇමැතිවරුන්ගේ තරාතිරම මත මාළු කිලෝ 10, 15, 20 බැගින් රිජි​ෆෝම් පෙට්ටිවල අසුරා නිවෙස්වලට යවා ඇති බවයි. 

ධීවර සංස්ථාව මසකට මාළු කිලෝ 1000කට අධික ප්‍රමාණයක් මැති-ඇමැතිවරුන්ට නොමිලේ ලබාදී තිබීම සංස්ථාව පාඩු ලැබීමට එක් හේතුවක්ව තිබූ බව ද ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

නොමිලේ මාළු ලබාදීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසු සංස්ථාව ලාබ ලබන තත්ත්වයට පත්වූ බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad