පළාත් සභා මැතිවරණයත් මේ වසර අවසානයට පෙර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2020

පළාත් සභා මැතිවරණයත් මේ වසර අවසානයට පෙර

පළාත් සභා මැතිවරණයත් මේ වසර අවසානයට පෙර

කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයට පෙර අනිවාර්යයෙන්ම පැවැත්වීමට තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඔහු මේබව පැවසූවේ බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදීය.

ජනතාවගේ සර්වජන ඡන්ද බලය ජනතා ස්වාධිපත්‍යයට අවශ්‍ය ක‍්‍රියාමාර්ගයක් බව පැවසූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පැවති රජය නව මැතිවරණ ක‍්‍රමයක් නීතිගත නොකිරීමේ තර්කය ඉදිරිපත් කරමින් මැතිවරණය කල්දැමූ බව ද ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය කල්දමා වසර දෙකක් ගතවී ඇති බවත්, ඒ තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත්, පළාත් සභාවලට ජන ජීවිතයට සෘජුව බලපාන වගකීම් 36 ක් තිබෙන අතර මැතිවරණය කල්දැමීම නිසා ජනතාවට ඒවා අහිමි වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව පරාජයට බියෙන් මැතිවරණය නොපැවැත්වූ නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ජනතා මතයට ගරු කරමින් මැතිවරණ පැවැත්වීම තම රජයේ ආකල්පය බවත් ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad