සජිත්ගේ පක්‍ෂය අතහැර රෝසි එජාපයට එක්වෙයි.. රනිල් සමග මාධ්‍ය හමුවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2020

සජිත්ගේ පක්‍ෂය අතහැර රෝසි එජාපයට එක්වෙයි.. රනිල් සමග මාධ්‍ය හමුවක

ජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය පක්ෂය සමඟ මුලින් කටයුතු කරන ලද කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය නැවතත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට එක්ව ඇත.

ඊයේ දිනයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාප මාධ්‍ය හමුවකටද ඇය සහභාගී වූවාය.

තමන් දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහයෝගය නොදී සිටීමට තීරණය කළ බව ඇය මෑතකදී සදහන් කලාය.

කොළඹ නගරාධිපති ධුරය වෙනස් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් සාකච්ඡා කරමිින් සිටි අතරතුරේ දී ඇය නැවතත් එක්සත් ජාතික පක්ෂ සමග කටයුතු කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

ඇයගේ පුත‍්‍රයා මෙවර සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරග කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad