කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය අසල සැකකටයුතු පාර්සලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 15, 2020

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය අසල සැකකටයුතු පාර්සලයක්


කිලිනොච්චිය, කණ්ඩාවලෙයි  ප්‍රදේශයේ පිහිටි කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද්ධ හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසළ තිබී පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් සොයාගෙන තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කඳවුර ඉදිරිපස අදාළ පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පවතින බව දැක යුද්ධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය කැඳවා අදාළ පාර්සලය නිශ්ක්‍රීය කිරීමට කටයුතු කළ බවයි.

අදාල පාර්සලයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සොයාබැලීමට පුපුරණ ද්‍රව්‍ය සාම්පල රජයේ රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

 කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීම අරමුණු කරගනිමින් කඳවුර ඉදිරිපිටට අදාළ පාර්සලය කවුරුන් හෝ විසින් ගෙනවිත් දමන්නට ඇති බවයි කිලිනොච්චිය ආරක්ෂක අංශ සැක පළකරන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad