රනිල් තනතුරු දෙන්නේ දුෂිතයන්ටමයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 15, 2020

රනිල් තනතුරු දෙන්නේ දුෂිතයන්ටමයි !

ක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ඉහල තනතුරු ලබාදෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කල මේ රටේ දුෂණ වංචා වලට සම්බන්ධ වු අයට බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ මහජන සභාව විසින් (14) දින හැටන් නගරයේ කැදවා තිබු මාධ්‍යය හමුවකට අදහස් දකවමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට රු පනහක වැටුපක් ලබාදිමට විරුද්ධ වු හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතාට වතු කම්කරු සංගමයේ නායකත්වය ලබා දිමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවයි.

වත්මන් රජය නිරෝධායන පනත සහ රෙගුලාසි භාවිතා කරනු ලබන්නේ මේ රටේ වෘත්තිය සමිති , කම්කරු අරගල මර්ධනය කිරිමට බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad