සෞඛ්‍ය සේවයේ කැපවීම හේතුවෙන් ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටිය හැකියි – අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 7, 2020

සෞඛ්‍ය සේවයේ කැපවීම හේතුවෙන් ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටිය හැකියි – අගමැති

සෞඛ්‍ය සේවයේ කැපවීම හේතුවෙන් ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටිය හැකියි – අගමැති

සෞඛ්‍ය සේවයේ කැපවීම හේතුවෙන් ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටිය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

ඒ තංගල්ල මූලික රෝහලේ ඉදි කළ හෘද රෝග දැඩි සත්කාර ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය.

මං හිතන්නේ අපේ සෞඛ්‍ය සේවය ලෝකයා ඉදිරියේ ඉතා ආඩම්බරයෙන් නැගී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවයක්. මොකද පසුගිය කෙරෝනා වසංගතය අවස්ථාවේ දියුණු යැයි කියන රටවල් වැටෙද්දී අපි වගේ කුඩා රටක් ඉහළට ඔසවන්නට පුළුවන් වුණේ සෞඛ්‍ය සේවය සම්බන්ධ සියලු දෙනාගේ සහය නිසා. ඔවුන්ගේ හැකියාව නිසා. ඒකට අවුරුදු ගණනාවක් තිස්සේ මම හිතන්නේ සෞඛ්‍ය සේවාව ක්‍රමවේදය හදුන්වා දුන්නු යුගයේ සිට ගමටම යනකන් යන සෞඛ්‍ය සේවයක් ඉතුරු වෙලා තියෙන්නේ මේ ලංකාවේ විතරයි. අපි ඇත්ත වශයෙන්ම ස්තූතිවන්ත වෙනවා සියලුම මුළු වෛද්‍ය සේවයටම ඉහළ ඉදලා පල්ලෙහාටම මේ කරන සේවය අපි අගයනවා. ජාතිය අගයනවයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕන.

 

No comments:

Post a Comment

Post Bottom Ad