සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 7, 2020

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනාවක්

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනාවක්

ජූනි පළමු වැනිදා සිට අගෝස්තු 31 දක්වා වන මාස 3ක කාලයක් සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 1043ක මුදලක් වෙන් කරගෙන ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරයි.

ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි අපේක්ෂකයින් පැවසුවේ, අදාළ මුදල් පරිහරණය කරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නිරෝධායන නීති ප්‍රතික්ෂේප කර දිවයිනට ඇතුළු වීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවට එක් වූ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක තුෂාර ඉඳුනිල් මහතා අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad