කොරෝනාවලට හැදූ ප්‍රතිකාරය තමන්ටම එන්නත් කරගත් රුසියානු පර්යේෂකයන් පිරිසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 23, 2020

කොරෝනාවලට හැදූ ප්‍රතිකාරය තමන්ටම එන්නත් කරගත් රුසියානු පර්යේෂකයන් පිරිසක්

කොරෝනාවලට හැදූ ප්‍රතිකාරය තමන්ටම එන්නත් කරගත් රුසියානු පර්යේෂකයන් පිරිසක්

රුසියාවේ පිහිටි ගාමලෙයි ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් වසංගත රෝග විද්‍යා අංශයේ පර්යේෂකයන් පිරිසක් ඔවුන් නිර්මාණය කළ කොරෝනා වෛරස් ප්‍රතිකාරය තමන්ටම එන්නත් කරගෙන ඇතැයි වාර්තා වේ.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වන ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් පවසා සිටියේ ගාමලෙයි ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරන පර්යේෂකයන් පිරිසක් මෙම පරික්ෂණය අත්හදා බැලූ බවයි. එහිදී කිසිදු අතුරු ආබාධයකින් තොරව අත්හදා බැලීම සාර්ථකව කර ගැනීමට හැකි වූ බවද ඔහු පවසා සිටි.

අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම සියලු පර්යේෂකයන් කිසිදු ආකාරය අතුරු ආබාධයකින් තොරව තමන්ගේ වැඩ කටයුතු කළ බවයි. මෙය තවමත් නිල නොවන මට්ටමෙන් කළ පරික්ෂණයක් හේතුවෙන් ඉදිරියේ දී රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය අවසර පරිදි ඉදිරියේ දී සායනිකව අත්හදා බැලීමේ කටයුතු ටික කරගෙන යෑමට සුදානම් බවද ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් පවසා තිබේ.

තමන් මෙතෙක් ඔප්පු කර ඇති පරිදි මෙම එන්නත සාර්ථක වීමට ඇති හැකියාව පිළිබඳව තමන්ට සහතික විය හැකිබවද ඔහු ප්‍රකාශ කර ඇත.

ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් පවසා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රතිකාර එන්නත නිපදවීම සඳහා ඖෂධ නිෂ්පාදකයන් කැමැත්ත පළ කර ඇති බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad